Posts

Image
දශක පහක ජීවන ගමන්මගේ මා ලත්  අත්දැකීම් සහ සිතුවිලි සනිටුහන් තැබීමට කාලය එලඹ ඇතැයි මම සිතමි.       මා අත්විඳි ජීවිතය යනු හුදෙක් ම සර්ව සම්පූර්ණ වූත් ආධ්‍යමත් වූත් එකක් නොවන බව කියනු කැමැතිය. සියල්ල තුල දෝලනය වූ වසර පනහක කාලය තුල පරාවර්ථනය වූ ජීවිතය නැමැති දර්පනණ තලය ද හේතුවක් ඇතිවම  බිදී යා හැකි මට්ටමකට පත්වීමට තව කෙටි කාලයක් ඇතැයි හෝ එය යම් නුදුරු දිනයක වේ දැයි මා හට කිව නොහැකිය. එසේ හෙයින් ලත් අත්දැකීම් කැටි කොට ගත් ශ්‍රව්‍ය දෟෂ්‍ය චිත්තාවේගයක් මෙහි නිමවන්නෙමි. කවියක නිසදැසක, කුරුටු ගීයක , චිත්‍රයක, වෙන යම් බලියක හෝ  කොලයක සටහන් වන්නාවු යමක් වේද ඒවා සටහන් කොට තබන්නේ නම් මැනව යයි මට සිතුණ වාර අන්නතය. යම් යම් දේ මම මාගේ මුහුණු පොතේ සණිටුහන් තබා ඇත්තෙමි. එහෙත් එහි අන්තර් ගතය විටෙක කිසිදු අවසරයකින් තොරව බුකිය පුරා සරණු මම දිටිමි. මට එයට කම් නැත. එහෙත් ඒවා දිහා බලා පූර්ණ නිගමන ගන්නට කැස කවන පිරිසක් සිටින නිසා ගැහැට විදින්නට මට සිදු වී ඇත.  ජීවිතය තුල ඇති වෙනස් වීමේ ස්වභාවය සහ එහි වෙනස් වීම මා තේරුම් ගත් දින සිට හුදෙක්ම ආශ්වාදයේ විචල්‍ය ස්වභාවයේ ඇති ...